Sat. Jun 28th, 2025

ලංකා සිංහයන් එංගලන්ත සිංහයන්ට පරදියි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ තරගයේ අවසාන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමිවු ලකුණු 122ක ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී පසු කිරීමත් සමඟයි.

තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 139ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 324ක් ලබා ගත්තා.

දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් ලබා ගත් අතර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 122ක් පමණයි. කඩුලු 03ක් පමණක් දැවී පහසුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *