Fri. Jun 27th, 2025

ඉන්දියාවෙන් අවමන් සහගත ටෙස්ට් ඉනිමක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දී්‍ය කණ්ඩායම අතර ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම අවමන් සහගත ලෙස අවසන් කිරීමට ඉන්දීය කණ්ඩායමට සිදු වුණා.

ඒ නවසීලන්ත පන්දු යවන්නන් ඉන්දීය ඉනිම ලකුණු 46කට සීමා කිරීම නිසා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් රිෂාබ් පාන්ට් ලකුණු 20කට දැවී ගිය අතර යසස්වි ජයිස්වාල් ලකුණු 13කට දැවී ගියා.

සුපිරි ක්‍රීඩක විරාට් කෝලි, කේ. එල්. රාහුල්, රවින්ද්‍ර ජඩේජා, සෆරාස් ඛාන් සහ රවිචන්ද්‍රන් අශ්වින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

මොහොමඩ් සිරාජ් නොදැවී ලකුණු 04ක් රැස් කළ අතර නායක රෝහිත් ෂර්මා සහ කුල්දීප් යාදව් ලකුණු 02 බැගින් රැස් කළා.

ජස්ප්‍රිට් බුම්රා ලකුණු 01යි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මැට් හෙන්රි කඬුලු 05ක් ද විල් ඔ‘රෝව්ක් කඩුලු 04ක් සහ ටිම් සවුති එක් කඬුල්ලක් ලබා ගත්තා.

මේ වන විට එක් කඬුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටින නවසීලන්ත කණ්ඩායම ලකුණු 27ක් ඉදිරියෙන් පසුවනවා.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 52යි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *