Sat. Jun 28th, 2025

CPL කාන්තා ශූරතාවය චමරි ප්‍රමුඛ බාබඩෝස් පිලට

කාන්තා කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ක්‍රීඩා කරන බාබඩෝස් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරඟයේදී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කඬුලු 04කින් පරාජය කරමින්.

කාසිය වාසිය දිනා ගත් බාබඩෝස් කණ්ඩායම ට්‍රින්බෑගෝ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. පන්දු වාර 20 අවසානයේ කඬුලු 08ක් දැවී ඔවුන් ලබාගැනීමට සමත් වුණේ ලකුණු 93ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බාබිඩෝස් කණ්ඩායම පන්දු වාර 15ක් අවසානයේ කඬුලු 06ක් පමණක් දැවී ඉලක්කය පසු කළා.

එහිදී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 47කදී ලකුණු 39ක් වාර්තා කළේ සමස්ත තරඟයේම වැඩිම ලකුණුලාභිනිය වෙමින්.

එසේම චමරි සමස්ත තරඟාවලියේ තුන් වැනියට වැඩිම ලකුණුලාභිනිය ද වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිනි හර්ෂිතා සමරවික්‍රම ද මෙම තරඟාවලියට සම්බන්ධ වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *