ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන යුගළයටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක නිර්දේශ වී තිබෙනවා.
අගෝස්තු මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා. ඒ ඔහු ඉන්දීය සංචාරයේදී තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතා හේතුවෙන්.
ඔහු සමඟ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබෙනවා.
අගෝස්තු මස ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී ඇත්තේ අයර්ලන්ත සංචාරයේදී ඇය පිත්තෙන් දක්වන ලද දක්ෂතා නිසා.
ඇය සමඟ නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩිකාවන් වන්නේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් වන ඕර්ලා ප්‍රෙන්ඩෙග්‍රාස්ට් සහ ගැබී ලුවිස්.