පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවැත්වෙන නැෂනල් ලීග් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තෙවැනි තරගය ඊයේ (13දා) ඇෆ්ගනිස්ථානය සමග පැවති අතර තරගයෙන් තරග වට 3-0 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ පළමු තරග වටය ලකුණු 25-19ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර දෙවැනි සහ තෙවැනි තරග වට ද්විත්වයද පිළිවෙළින් 25-20, 25-14ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය. මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජයග්‍රහණයයි. පාකිස්තානය සහ කිර්කිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකේදීම පරාජයට පත් විය. තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළඟ තරගය හෙට (15 වැනිදා) ඉරානය සමඟ පැවැත්වීමට නියමිතය.