Sat. Jun 28th, 2025

ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට – ICCයෙන් නිවේදනයක්

Jun14,2024

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක් ම පරාජය වූ අතර, නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව නිසා අත්හැරීමට තරග පාලක මණ්ඩලය තීරණය කර තිබුණා.

කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුවද ඊයේ සුන්වී ගියා.

ඒ ඊයේ (13) බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ දී බංග්ලාදේශය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

එළඹෙන ජුනි 17 වනදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරග කිරීමට නියමිත වී ඇති අතර එම තරගය ජයග්‍රහණය කළත් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත් වී ඇති බවයි ICCය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී පළමු වටයෙන් ම ඉවත් වූ පළමු අවස්ථාව මෙයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *