Sun. Jun 29th, 2025

ජනපතිවරණය කවදාද? තීරණාත්මක දවස අදයි

Jul25,2024

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතයි.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසන් සභාව රැස්වෙනු ඇති.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මෙම සති අන්තයට පෙර නිවේදනය කරන බව ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *