සාම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පිනී ආචාර්ය වජිරා චිත්‍රසේන කලාකාරිණිය ඊයේ (23) අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඇය 92 වියේ පසු වුණ දෙදරු මවක්.
ඇය මෙරට සිටි ප්‍රවීණතම නෘත්‍ය ශිල්පී චිත්‍රසේනයන්ගේ බිරිඳ වූවා.
2020 වසරේදී ඉන්දියාවේ ඉහළම සම්මානයක් වන පද්මශ්‍රී සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවා.