සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවි දෙකක් මිලදී ගැනීමටත් ඒ්වා ධුරයෙන් ඉවත් වූ පසුව ද ළඟ තබා ගැනීමටත් ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබා දී ඇතැයි වාර්තා වෙනවා.
එසේ නව අවසරයක් ලබා දී ඇත්තේ, සෑම මන්ත්‍රීවරයෙකුටම පිස්තෝලයක් ළඟ තබා ගැනීමට දැනටත් අවසරය තිබෙන පසුබිමකයි.
මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ද ලබා දෙනු ලබනවා. එසේම නිල මන්ත්‍රී නිවාස ආවරණය වන පරිදි අදාළ පොලිස් ස්ථානය විසින් මුර සංචාරවල ද යෙදිය යුතු වෙනවා.
මෙලෙස ලබා ගත හැකි ගිනි අවියක වටිනාකම රුපියල් ලක්ෂ 2ක ඉක්මවනවා.