Sat. Jun 28th, 2025

“ඕගොල්ලොම බලාගන්න” ටිරාන් විපක්ෂයට කියයි

ඔක්තෝම්බර් මැද භාගය වන විට නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ වන බවත් ඒ වන විට මෙම තත්වය යථා තත්වයට පත්වනු ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය  හේතුවෙන් හටගෙන ඇති දිගු පෝළිම් නිරීක්ෂණය කිරීම සඳහා  ඊයේ (06) ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළා.

“අපි දැන් අලුත් පාස්පෝට් එක එනකන් තියෙන පාස්පෝට් දවසකට 1100ක් විතර ඉෂූ කරලා අපි මෙහෙම කරනවා. ඒක පේනවා ඇති. දැන් කෑ ගැහුවා මිනිස්සුන්ට පාස්පෝට් නෑ කියලා. දැන් ඔබ සියලු දෙනාම දැක්කනෙ තත්ත්වය. මේ දිගටම බලාගෙන මම මිනිස්සු එක්ක කතා කෙරුවා. මෙතන තත්වය ඇත්ත තත්වය මේකයි. අලුත් පාස්පෝට් ආපු ගමන් සාමාන්‍ය මට්ටමට එනවා. මුල් හරියේ තදබදයක් තිබුණා. ඒ මොකෝ අපොයින්මන්ට් ගන්න තිබුනේ online. එතකොට උනේ මොකක්ද යම්කිසි පිරිසක් එකතුවෙලා සිම් කාඩ් සීයක් විතර අරගෙන online එකේ අපොයින්මන්ට් ටික ඔක්කොම ඒගොල්ලන් ගත්තා. අරගෙන ජනතාවට හතළිස් පන්දාහ ගානේ අපොයින්මන්ට් එක වික්කා. ඉතිං ඒක හින්ද තමයි මම ඔන්ලයින් අපොයින්මන්ට් ක්‍රමය සම්පූර්ණයෙන් නවත්තලා අපේ මේ පොලිස්  නිලධාරීන් යොදවලා හරියට ඒ වැඩේ කරන්න පටන් ගත්තේ. හැම එකම ජාවාරමක් කරගෙන තියෙන්නේ. ඉස්සර ඉඳන්ම මේ හැම එකම ජාවාරමක්නෙ. පෝලිමක් දැම්මොත් එහෙම පෝලිමට ඇවිල්ලා ඒගොල්ලන් ඉඳගන්නවා. ඊළඟට ඒ තැන විකුණනවා විසිදාහකට ඒ වගේ. ඉතින් ඒක හින්ද තමයි ඔක්කොම පෝලිම චෙක් කරන්නේ අන්තිමේට පොලිස් නිලධාරීන්. හරි පුද්ගලයාට පමණයි පෝලිමේ ඉන්න පුළුවන්. ජනතාව මේක දන්නවා. දැන් කරුණාකරලා දැනුම් දෙන්න මේක විපක්ෂයේ දේශපාලනඥයින්ට. මම කියන්න ඕන නෑ. ඕගොල්ලන්ම බලාගන්නකෝ. මම දෙපාර්තමේන්තුවේ අයගෙන් ඇහුවාම පෝලිමේ ඔහොම කෑගහන අය ඉන්නවද කියලා. ඇතුලට ගත්තහම ඒ කෑගහපු අය නෑ. පෝලිමේ කෑගගහා ඉන්නවලු. ඊළඟට ඇතුලට ගත්තහම ඒ කෑගහපු මිනිස්සු නැහැල්ලු. ඒ ඉතින් මේ කෑ ගහන්නම එවපු මිනිස්සු.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *