ජනාධිපතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා ලබා දුන් අය අතරින් තිදෙනෙකු ගැන කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ප්රජාතාන්ත්රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක පවසනවා.
රූපවාහිනී වැඩසටහනක් සඳහා සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් අතරෙන් කුඩා ප්‍රමාණයේ රැස්වීමක් හෝ පවත්වා ඇත්තේ අපේක්ෂකයන් 15ක් පමණක් බවයි ඔහු පවසන්නේ. මැතිවරණ කොමිසමට ලබා දී ඇති අංක ඇමතූ විට 3 දෙනෙකුගේ දුරකතන පවා අක්‍රිය බවත් ඔවුන්ට සමාජ මාධ්‍ය ගිණුමක් පවා නැති බවත් අධ්යක්ෂවරයා කියා සිටියා. එසේ ම සිය වෙබ් අඩවියට ඇතුළත් කිරීම සඳහා ඡායාරූපයක් හෝ සොයාගත නොහැකි බව ඔහු අවධාරණය කරනවා.
ක්‍රියාකාරී 15 දෙනෙකු හැර ඉතිරි 23 දෙනා සන්නිවේදනයක් සඳහාවත් එළඹෙන්නේ නැති බවයි ඔහු චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග අනුව මෙම එක අපේක්ෂකයෙක් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටියකට වඩා වැය කෙරෙනවා.