ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතකයන් අද සිටින්නේ මාලිමා වේදිකාවේ බව එම ඝාතනය ඇසින් දුටු යුද හමුදා සෙබළෙකු වන ඉන්ද්‍රානන්ද සිල්වා පවසනවා.
විජේවීර ඝාතනයට හවුල් වූ අය මාලිමා වේදිකාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොල්තෙල් පහන දල්වන බවත්, විජේවීරට පිස්තෝලයෙන් වෙඩි තබා ආදාහනාගාරයට විසි කිරීමේදී බැම්මේ වැදී වැටුණු විට කෙඳිරි ගෑ බවත් එහිදී තොපිට පණ නැද්ද යනුවෙන් විමසා රෝහණ විජේවීර පණපිටින් ආදාහනාගාරයට විසි කළ පුද්ගලයා ඔහු බවත් ඉන්ද්‍රානන්ද පවසනවා.
විජේවීරට යුක්තිය ඉල්ලූ අය ගහලයන් සමග වේදිකා නගින බව ද ඔහු පවසා සිටියේ ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ වෙනුවෙන් මැදිරිගිරියේ පැවැති රැස්වීමක් අමතමින්.