මෙරට ආර්ථිකයේ සීමාකාරී හිරවීම් ඉවත් කර පුළුල් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
මහනුවරදී පැවැති ජනරැළියක් අමතමින් අනුර සඳහන් කළේ සජිත් ප්‍රේමදාස වැනි ළාමක ටිං ටිං අයෙකුට රටක් හැදිය නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර මෙසේ කියා සිටියා.
“ආර්ථිකය අපේ ඉතාම සීමාකාරී තැනකට හිරවෙලා තියෙන්නේ. ඇයි මේ අයට අල්ලස් ගන්න ප්‍රමාණයට පමණයි ආර්ථිකය තියෙන්නේ. අපි ආර්ථිකය මීට වඩා ලොකු කරනවා. කඩි ගුලක් වගේ. තම තමන්ට පැවරී තියෙන හැම කේෂ්ත්‍රයකම වැඩකරන මහා සමාජයක්, මහා අධ්‍යාපන පරිවර්ථනයක්. ඒක තමා රට…ඕන නැද්ද එහෙම රටක්. අන්න ඒකට තමා අපි නායකත්වය දෙන්නේ. මේ නිකන් සජිත් ප්‍රේමදාස වගේ ළාමක ටින් ටින්…මොනවද මේ… රටවල් හදන්න. දකින දකින තැනට ගියාම මොනවා හරි දෙනවා ලු. වියළි කලාපය විශාල අලි තර්ජනයකට මුහුණදී ඇත. මා ගාව අලි මන්තරයක් ඇත…ඕනේ නම් මම හෙට ගිහින් කලාවැවේ ඒක අත්හදා බලලා පෙන්වන්නම් කියලත් කිව්වා. යවන්න තිබුණේ. ඔය වගේ කෙනෙක් ඔයාලගේ ගමේ කිය කියා හිටියොත් ප්‍රාදේශීය සභාවට යවනවා ද? නෑ නේ. රනිල් වික්‍රමසිංහ හැම වෙලාවේම එයා සමච්චලයට ගන්නවා. හිතන්නකෝ… 4,5 ,6 තැපැල් ඡන්දය. තුන්වෙනිදා කියනවා පඩි වැඩි කරනවා ලු. ඒක සමච්චලයක් නෙමෙයි ද ? මම දැක්කා කියනවා යාපහුවේ ගිහින් සැප්තැම්බර් දිනපු ගමන් බණ්ඩි පොහොර නිකන් දෙනවාලු. දැන් යල කපලත් ඉවරයි. බණ්ඩි පොහොර ඕනේ පෙබරවාරිවල එතකොට එයා ගෙදර…අපි ලෑස්තියි රට භාරගන්න… රට ගොඩගන්න.”