5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැති පෙරේදා (15) අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී පළමු ප්‍රශ්න පත්‍රෙය් පිළිතුරු ලිවීම ආරම්භවීමටත් පෙර එම ප්‍රශ්න පත්‍රය පිට කරන ලදැයි සැකපිට එහි සහකාර ශාලාධිපති ඇතුළු ගුරුවරු 6 දෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා.
ජංගම දුරකතනයකින් ප්‍රශ්න පත්‍රය ඡායාරූපගතකර ප්‍රදේශ කිහිපයක ටියුෂන් ගුරුවරුන් වෙත යවා ඇති බවයි පැවසෙන්නේ.
අනුරාධපුර, නොච්චියාගම, කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකට යවා ඇතැයි අනාවරණය වී තිබෙනවා.
විභාග සම්බන්ධයෙන් වන විශ්වාසය කඩ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ අතර ලංකා ගුරු සංගමය පවසනවා.