මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා ඒකකය වසා දමා සමුළුවකට සහභාගි වීම හේතුවෙන් සේවා සඳහා පැමිණි රෝගීන් බරපතළ අපහසුතාවට පත්ව තිබුණා.
28 දින ඒකකය වසා තැබෙන බව දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් තිබුණා. රටේ විවිධ පෙදෙස්වලින් දුරබැහැර සිට වාහන පවා කුලියට ගෙන පැමිණෙන පිරිස් ඒකකයට අවට සිටිනු දක්නට ලැබුණා.
වෘත්තීය සමිතිවලින් පවත්වන සමුළු වෙනුවෙන් සහභාගි වීමට සේවකයන්ට අයිතිය ඇතත් රාජකාරි කටයුතුවලට බාධා නොවෙන ලෙස ඒවා සිදු කිරීම කළ යුතු බවයි වගකිව යුතු අංශ පවසන්නේ.