Sat. Jun 28th, 2025

NPP ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා ජනපති ප්‍රතිචාර දක්වයි

පසුගිය දා එළිදැක්වූ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන පොහොසත් රටක්-ලස්සන රටක් කියවූ ජනපති රනිල් වික්‍රමසිංහ ඒ් පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.

ඔහු මාවනැල්ලේදී කියා සිටියේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ක්‍රියා කළහොත් රාජ්‍ය ආදායමෙන් බිලියන 200ක් පමණ අහිමි වෙනු ඇති බවයි.

ජාතික ජනබලවේගය උත්සා කරන්නේ වැල් පාලම දෙපැත්තෙන්ම කපා දැමීමට බවයි ජනපතිවරයා චෝදනා කරන්නේ.

තමා එම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණයෙන් කියවූ බවත් එය මැතිවරණයට පෙර කියවන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *