නව ජනපති අනුර කුමාර දිසානායක විසින් සිය භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා.
මැතිවරණයක් පැවැත්වෙන තෙක් භාරකාර රජයේ කැබිනට් මණ්ඩලය ලෙස සිව් දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව පැවසෙනවා.
අද (23) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවත් ඒ් අනුව නොවැම්බර් මස අගදී මහමැතිවරණයක් පැවැත්වෙන බවත් සඳහන් වෙනවා.