Mon. Jun 30th, 2025

“ආරංචිය සුබයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” තවත් පෝස්ටරයක් තාප්ප පුරා ඇලවෙයි

Jun26,2024

කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබෙනවා.

එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි.

ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹමට සමගාමීව බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම පෝස්ටරයෙන් පසු දිනම කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක කිසියස් කණ්ඩායමක් විසින් මෙම පෝස්ටරය අලවා ති‌බෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *