අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් අවසරයකින් තොරව සිය භාරයේ වසර ගණනක් තිස්සේ තබාගෙන භුක්ති විඳි බව කියන හැටන් වැවිල් සමාගමට අයත් ලිඳුල හෙන්ෆෝල්ඩ් වතුයායේ පිහිටි නිල නිවස ඔහුට අයත් බඩුබාහිරාදියද සමගින් වතු අධිකාරිවරයාට භාර දී තිබෙන්නේ, නුවරඑළිය දිසා අධිකරණය විසින්.
රාජ්‍ය අමාත්‍යවරයා 1987 වසරේ මෙම වතුයායේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කර ඇති අතර එම කාලයේ ඔහුට මෙම නිවස නිල නිවස ලෙස ලබා දී තිබුණා. රැකියාවෙන් ඉවත් වීමෙන් පසුව දසක තුනකට අධික කාලයක් ඔහු එය යළි භාර නොදී රැඳී සිටි අතර වතු සමාගම ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.
දීර්ඝ කාලයක් පුරා නඩුව විභාග කළ නුවරඑළිය දිසා විනිසුරුවරයා ඔහුට නිල නිවසෙන් ඉවත් වන ලෙස නියම කරමින් තීන්දුව ලබා දුන් අතර අරවින්ද කුමාර් පසුව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා. ඒවා ප්‍රතික්ෂේප කෙරුණා.