ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් දඹුල්ල නගරයේ පාගමනින් ගොස් සිදු කළ මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් ඊයේ (8) දින පොලිසිය විසින් නවතා දමා තිබෙනවා.
ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සිදු කළ මෙම වැඩසටහන මැතිවරණ නීතියට අනුව සිදු කළ නොහැකි බව පොලිසිය විසින් ඇමැතිවරයා ඇතුළු පිරිසට දැනුම් දුන්නත් පාක්ෂිකයන් පොලිසියට බාධා කරමින් දිගටම එම කටයුත්තේ නිරත වුණා. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ද මෙම කටයුත්තට සහභාගි වී සිටි බව පැවසෙනවා. මෙය ද නීති විරෝධී බව පොලිසිය දැනුම් දී තිබෙනවා.
මැතිවරණ නීති කඩකරන්නේ නම් නීතිමය පියවර ගන්නා බව පවසා මේ කටයුත්ත පොලිසිය විසින් වීඩියෝගත කිරීමේදී අමාත්‍යවරයා ප්‍රචාරණ වැඩසටහන නවතා දැමීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.