රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති වී තිබෙන පෝලිම් සම්බන්ධයෙන් ද ඔහු එහි දී අදහස් පළ කළ අතර අමාත්‍යවරයා පවසන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.