Thu. May 1st, 2025

ජනපති සටනේ අවසන් රැලි අද!

සැප්තැම්බර් 21 වැනි දා (අනිද්දා) පැවැත්වීමට නියමිත 2024 ජනපතිවරණයට අදාළ ප්‍රධාන අපේකෂකයන් තිදෙනෙක්ගේ මහජන රැලි 21 අද (18) පැවැත්වෙනවා.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජනරැලි මාතරින් ඇරඹී මරදානෙන් අවසන් කිරීමට නියමිතයි.

සමගි ජනබලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජන රැලි තුනක්, ගාල්ල, බේරුවල සහ මැද කොළඹදී පැවැත්වෙනවා.

ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ප්‍රධාන රැලි කළුතර, ගම්පහ පැවත අනතුරුව නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහලෙන් අවසන් කිරීමට නියමිත වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ද රැලි 3කට සහභාගි වෙන බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *