Sat. Jun 28th, 2025

සුදන්ත තිලකසිරි අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිසම කියයි!

සමාජ මාධ්‍ය හරහා විකාශය කෙරෙන ටෝක් විත් සුදන්ත නාලිකාව හරහා සමහර ජනපතිවරණ අපේක්ෂකයන්ට අගතියක් සහ ඡන්දදායකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙ.නි. පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

නළුවෙකු සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකෙු වන සුදන්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන නාලිකාවක් මගින් සමහර දේශපාලන පක්ෂවලට අගතියක් සහ ඡන්දදායකයන්ට අගතියක් වන ප්‍රකාශ විකාශය වන බවට මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *