Tue. Jun 24th, 2025

ජනපති අපේක්ෂකයින්ගේ වැඩිම ආදායම කොමියුනිස්ට් අපේක්ෂකයාට!

මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආදායම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ වදින දිලිත් ජයවීර වැඩිම ආදායමක් ලබන අපේක්ෂකයා බවයි සඳහන් වන්නේ. එම මුදල රුපියල් ලක්ෂ 165ක් බව දැක්වෙනවා. ඔහු ජනපති සටනට ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් වීම විශේෂත්වයක්. දෙවැනි ස්ථානයට වැඩිම මාසික ආදායමක් ලබන්නේ අපේක්ෂක විජයදාස රාජපක්ෂයි. එය රුපියල් 1345000ක් වෙනවා.

නාමල් රාජපක්ෂ – රු. 454285.00
සජිත් ප්‍රේමදාස – රු. 285681.00
අනුර දිසානායක -රු. 256802.00
සරත් ෆොන්සේකා – රු.317786.00
නුවන් බෝපගේ – රු. 300000.00
රනිල් වික්‍රමසිංහ – රු. 179691.00

වාර්තා අනුව අපේක්ෂකයන්ගෙන් අඩුම මාසික ආදායමක් ලබන්නේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයි.

නාමයෝජනා බාර දෙන අවස්ථාවේ ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශ අනුව මෙම මාසික ආදායම් තොරතුරු ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *