මේ දක්වා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය දැරූ පාලිත රංගේ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ ලිපියට එම පක්ෂයේ නායක ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් තැබූ බව වාර්තා වෙනවා.
මහලේකම් ධුරයට අදාළ රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මත මෙම ඉවත් කිරීම සිදු කෙරෙන බවයි පැවසෙන්නේ.
පුරප්පාඩු වන එම පක්ෂයේ මහලේකම් ධුරය පසුගිය දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල වෙත ලබා දීමට සූදානමක් ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් තලතා අතුකෝරල මේ දක්වා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන නැති බවයි ආරංචිමාර්ග කියා සිටින්නේ.