ඩුබායි බලා පිටත් වීමට කටුනායක ගුවන්තොටුපළ වෙත ගිය ඩෑන් ප්‍රියසාද් නමැත්තා බලධාරීන් විසින් හරවා එවා තිබෙනවා.
ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පණවා ඇති බැවින් මෙසේ හරවා එවා ඇති බව සඳහන්.
ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නමැති මොහු ඩෑන් ප්‍රියසාද් නම් අන්වර්ථ නමකින් තමන් හඳුන්වාගන්නා තැනැත්තෙක්.
මෙම පුද්ගලයා 2022 මැයි 09 දින ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ නඩුවේ 6 වැනි විත්තිකරු වෙනවා.