අරගල සමයේ දී තම නිවසට පහරදීමට පැමිණි පිරිස තුවක්කු දැක පලා ගිය බවත් තමාගේ නිවසට පහර දුන්නේ නම් තමා වෙඩි තබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
25 වැනි දා හඟුරන්කෙත පැවැති සමෘද්ධි සහ කෘපනිස නිලධාරින්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
අරගලයක් කියමින් ගෝල්ෆේස් පිටියේ ගණිකාවන්ට හට් හයක්, ගංජා සඳහා හට් දෙකක්, කුඩු ගහන්න හට් දෙකක් වශයෙන් හදා ගත් බවත් කිසිවෙකු බාර නොගත් රට රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාර ගත් බවත් ඔහු එහිදී කියා සිටියා.