Sun. Jun 29th, 2025

ජනපති අපේක්ෂකයෝ සමහරු මුදල් ගැරිල්ලක

ජනාධිපති අපේක්ෂකයෝ 15ක් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නොයෙදී ප්‍රචාරක කටයුතු සඳහා යැයි පවසමින් විවිධ අයගෙන් මුදල් සහ වෙනත් දෑ රැස් කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරක් මත කරුණු සොයා බලන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසනවා.

ප්‍රධාන නොවන ජනපති අපේක්ෂකයන් 30ක පමණ පිරිසක් තවමත් කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කර නැති බවයි පැවසෙන්නේ. සමහරෙකුට පක්ෂ කාර්යාලයක් පවා නැති බව සඳහන්.

කෙසේ වෙතත් ඉදිරිපත්ව ඇති එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *