Sun. Jun 29th, 2025

ජලනි නිසා සජබ ගැටුම්!

සමගි ජනබලවේගයේ ජනපතිවරණ ව්‍යාපාරයේ ගැටුම් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ එහි අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ සොයුරිය දුලාංජලී ජයකොඩි ප්‍රචාරණ ව්‍යාපාරයට මැදිහත්වීම හේතුවෙන්.

එම පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව මේ දෙදෙනා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වෙනවා.

එසේ නොවන්නේ නම් මැතිවරණ ව්‍යාපාරයට විශාල බලපෑමක් සිදුවිය හැකි බව කියා තිබුණත් ඔවුන් එයින් ඉවත් නොකිරීම නිසා අභ්‍යන්තර ගැටුම් ඇති වී ඇති බවයි සැලවෙන්නේ. බලපෑම් ගැන අනතුරු අඟවා තිබුණත්, ජලනි ප්‍රේමදාස යාපනයේ පැවැති ජනහමුවකට සහභාගි වී ගුවන් හමුදා ආචාර ලබා ගත් බවට පුවතක් මවා දුන්නේ පසුගිය සතියේදීයි.

මේ හේතුවෙන් සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ගැටුමක් වර්ධනය වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *