පැමිණිල්ලක් කිරීමට පැමිණි බාලවයස්කාර දැරියක් රවටා දූෂණය කිරීම ඇතුළු අධිචෝදනාවන්ට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ ඇතිව වසර 45ක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
27 වියැති මෙම කොස්තාපල්වරයා දැරිය සමඟ පෙම් සබඳතාවක් ගොඩනගාගෙන ඇයව කිහිපවතාවක් දූෂණය කර ඇති බවයි හෙළිව ඇත්තේ. විවාහකයෙකු වූ මෙම නිලධාරියාට පැනවූ 45 වසරක සිර දඬුවම වසර 15කින් එකවර ගෙවී යාමටත් දැරිය වෙත ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවීමටත් නඩු තීන්දුවේ නියමව තිබුණා.
මෙම සිරදඬුවම අත්හිටුවන ලෙස විත්තිකරු අධිකරණයෙන් හඬා වැලපී ඉල්ලා සිටියද අධිකරණය පැවසුවේ තමාගෙන් සේවයක් ඉල්ලා පැමිණෙන අසරණ අයට එම සේවය ලබා නොදී මෙලෙස බරපතළ වරදක් කිරීම ලිහිල් දඬුවම් නියම කළ නොහැකි වරදක් බවයි.