දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ (17) රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබූ දිගින් දිගටම පූර්ව ප්‍රචාරක පට මගින් ප්‍රචාරය කළ 360 වැඩසටහනට සහභාගි වීම අවසන් මොහොතේදී සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉකුත් 15 වැනි දින සිට අවස්ථා කිහිපයකදී ම මෙම වැඩසටහන වෙනුවෙන් තමා සහභාගි වන බව අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබුණද අවසන් මොහොතේ ඊට සහභාගි නොවන බව දැනුම් දී තිබෙනවා.
මෙම වැඩසටහනට අනුර කුමාර දිසානායක ඇතුළු අපේක්ෂකයන් ගණනාවක් පසුගිය දිනවලදී සහභාගි වුණා.
මේ සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියක් පහතින්,
