Sun. Jun 29th, 2025

සියදිවි නසා ගැනීමේ අවදානමක්: කෙහෙළියට ඇප ලැබුණු හේතු මෙන්න

Sep12,2024 #news #police

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ බෙදා හැරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව එහි 8 වැනි සැකකරු වන හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ 07 වන සැකකරු සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නි.අධ්‍යක්ෂ හේරත් කුමාර, 12 වන සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර ඊයේ (11) ඇප මත මුදා හැරුණා.

සැකකරුවන් දැඩි මානසික ආතතියකටත්, දරුණු මානසික රෝග අවධානමකටත් මුහුණ දී ඇති බව එහිදී අධිකරණයේ අවධානයට යොමුව තිබුණා.

හිටපු ඇමැතිවරයාගේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් හා පසුකම්පන තත්වයක සිටින බවයි. මෙවැනි රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බව ඔහු තවදුරටත් කියා සිටියා.

වෛද්‍ය වාර්තා පැරණි ඒවා බවත්, වර්තමාන රෝගී තත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වීමට සැකකරු අසමත්ව ඇති බවත් රජයේ නි.සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා.

එහෙත් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ වයස 71 වන හිටපු ඇමැතිවරයා සැලකිය යුතු රෝග ගණනකින් පීඩා විඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවයි. එබැවින් වෛද්‍ය නිර්දේශය සුවිශේෂී කරුණක් ලෙස සලකා සැකකරුවන් ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *