Wed. Apr 30th, 2025

විසන්ධි වීමේ අයිතිය සක්‍රීය වෙයි

26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාවට “right to disconnect” හෙවත් “විසන්ධි කිරීමේ අයිතිය” යන නව නීතිය හඳුන්වා දී තිබෙනවා.

එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසළකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට අවස්ථාව හිමි වන අතර ඒ සඳහා සේවකයින්ට කිසිදු දඬුවමක් ලබා දීමට ආයතන ප්‍රධානීන්ට නොහැකි වනු ඇත.

සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදු වන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දී ඇති බවත් මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයක් නියම කිරීමට හැකි වනු ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නීතිය දැනට ලෝකයේ රටවල් 20ක පමණ ක්‍රියාත්මක වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *