ජනාධිපතිවරණයට පෙර ජනපති රනිල් සහ ජාජබ නායක අනුර රහසිගත දේශපාලන සන්ධානයක් ගොඩනගාගෙන ඇතැයි සජබ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජනපතිවරයා තම පරාජය පිළිගනිමින් අනුර දිසානායකගේ ජය තහවුරු කිරීමට කටයුතු කරන බවයි.
මේ දෙදෙනා ජනපති ධුරය සහ අගමැති ධුරය සම්බන්ධයෙන් දෙදෙනා අතර එකඟතාවක් ඇති වී තිබෙන බවයි. මෙම සන්ධානය හරහා ඔවුන්ට මිස රටට ලැබෙන දෙයක් නැති බවයි පුත්තලමේ පැවැති ජනරැළියක් අමතමින් ඊයේ (10) සජිත් ප්‍රේමදාස කියා සිටියේ.