Wed. Apr 30th, 2025

වරප්‍රසාද ඉල්ලුවේ රනිල් නෙවෙයිලු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල වරප්‍රසාද ඉල්ලා ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක ඊයේ කියා සිටියේ එලෙස පහසුකම් ඉල්ලා ඇත්තේ රනිල් වික්‍රමසිංහ නොව ඔහුගේ ආරක්ෂක අංශය බවයි.

“හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශය වාහන, සූපවේදීන්, කුඩ ඉල්ලලා තියෙනවා. මෙම නිලධාරීන්ට තම රාජකාරිය කිරීමට විවිධ භාණ්ඩ අවශ්‍ය වෙනවා. ඔවුන්ට අවශ්‍ය දේ තක්සේරු කිරීමෙන් පසුව ඔවුන් මෙම ඉල්ලීම් කරනවා. ඔවුන් එය ඒකපාර්ශ්විකව සිදුකරන්නේ. මේ සම්බන්ධයෙන් ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසන්නේ නැහැ.” යැයි ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාගල රත්නායක පැවසුවා.

සූපවේදීන් 16 ක්, ආරක්ෂකයන් 163 ක්, කුඩ 30ක් සහ වාහන 20 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් පුළුල් වරප්‍රසාද සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති අනුර දිසානායක සති අන්තයේ පැවැති මැතිවරණ රැස්වීමකදී පැවසුවා.

රජයේ රෙගුලාසිවලට අනුව රනිල් වික්‍රමසිංහට හිමිවන්නේ වාහන තුනක් පමණක් බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

හිටපු ජනාධිපතිවරුන් මහජන මුදලින් නඩත්තු කිරීම වැළැක්වීම සඳහා රජය නව නීති සම්පාදනය කරන බවද ඔහු පැවසුවා.

එමෙන්ම මෙම පහසුකම් පෞද්ගලික දේපළක් ලෙස නොසැළකිය යුතු බව පවසමින් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂගේ නිවෙස්වල මීට පෙර තබා තිබූ ගිලන්රථ දෙකක් තමන් යළි කැඳවූ බව ද අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *