අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසනවා.
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
එසේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා වැඩිදුරටත් කියා සිටියා.