වාසුදේව නානායක්කාරගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම තනතුරෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එහි ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ සාකච්ඡා කරගත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂ සාමාජිකයන් අකමැති වීම මෙයට හේතුව බවයි.
තමන්ට ගැලපෙන දේශපාලන බිමක් සොයා යන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් නිරෝෂන් එම පක්ෂයේ නායකත්වය භාර ගෙන ඉතා කෙටි කලකින් පක්ෂ නායකත්වයක් භාරගෙන අත්හැර දැමීම විශේෂ සිදුවීමක් වෙනවා.
ඔහුගේ ලිපිය පහතින්,