ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හෙට දිවුරුම් දෙනු ලබනවා.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 9ට මෙලෙස දිවුරුම් දීමට නියමිත බවයි පැවසෙන්නේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ නව ජනපතිවරයා මෙලෙස දිවුරුම් දෙනු ඇති.