සීදූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය වෙනවා.
ඊයේ (04) දින සවස් කාලයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇ.ති 43 හැවිරිදි කාන්තාව පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කටුනායක ආයොජක ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින පිරිමි පුද්ගලයෙකු සමඟ මෙම බෝඩිම් කාමරයේ වාසය කර තිබෙනවා.
කෙසේ වුවත් කාන්තාවගේ ඝාතනයෙන් පසුව එම පිරිමි පුද්ගලයා පළ ගොස් ඇති බවත් එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සඳහන්.