සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන මිලාන් රත්නායක සුපිරි එංගලන්ත කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී අර්ධ ශතකයක් වාර්තා කළා. ඔහු සිය මංගල අර්ධ ශතකය සුපිරි හයේ පහරකින් වාර්තා කළා.
ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේදී.
ලකුණු 113කට කඬුලු 07ක් බිඳ වැටී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක සිටින අවස්ථාවක පිටියට පිවිසි මිලාන් නායක ධනංජය සිල්වා සමඟ අනර්ඝ සබඳතාවයක් ගොඩනැංගුවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරන 166 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස තරඟයට පිවිසි මිලාන් රත්නායකට ටෙස්ට් හිස්වැස්ම පළඳවනු ලැබුවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර විසින්.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඬුලු 08ක් දැවී ලකුණු 215ක් ලබා සිටිනවා.