සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ දෙවැනි තරඟයෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
ක්රිකට් ක්රීඩාවේ රන් දෙවොල ලෙස හැඳින්වෙන ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන තරඟයේදී කුසල් මෙන්ඩිස් වෙනුවට ආදේශ කර ඇත්තේ පැතුම් නිශ්ශංක බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
එසේම විශ්ව ප්රනාන්දු වෙනුවට ලහිරු කුමාර ද කණ්ඩායමට කැඳවා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
ලෝක ටෙස්ට් ක්රිකට් කුසලානයට සමගාමීව පැවැත්වෙන මෙම තරඟයේදී ද සුපුරුදු පරිදි ධනංජය සිල්වා විසින් ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.
ශ්රී ලංකා වේලාවෙන් අද සවස 03ට ලෝඩ්ස් පිටියේදී තරඟය ආරම්භ වීමට නියමිතයි.