හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මේ දිනවල සිය පුත්‍රයාගේ දේශපාලන ආගමනයක් වෙනුවෙන් වෙහෙසෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද බලය සහ තනතුරු අහිමිව සිටින මෛත්‍රී විජේදාස රාජපක්ෂ වෙතද ලණුවක් කැවූ බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක් වුණා.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති සිය පුත් දහම් සිරිසේන කිසියම් දේශපාලන පක්ෂයක් හරහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට වෑයම් කරන බවයි දැනගන්නට ඇත්තේ.
කෙසේ වෙතත් මෛත්‍රී කතාබහ කිරීමට උත්සාහ කළ දේශපාලන පක්ෂ එම යෝජනාවට එතරම් මනාපයක් දක්වා නැත්තේ මෛත්‍රීගේ කල්ක්‍රියාව ඉතා අවුල්සහගත බැවින් බවයි පැවසෙන්නේ.