Sat. Jun 28th, 2025

මෛත්‍රී හොර රහසේ අපේක්ෂකයෙකුට වැඩ!

Aug25,2024 #2024 #election #news

ජනපතිවරණයයේදී කිසිවෙකු සඳහා තම සහය පළ නොකරන බව කියූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අප්‍රසිද්ධියේ සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළ කරමින් පොළොන්නරුවේ දේශපාලන කටයුතු කරන බව වාර්තා වෙනවා.

මෛත්‍රී සමග මේ කටයුතු සඳහා ඔහුගේ පුත් දහම්ද එක්ව ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය දා හිටපු ජනපතිවරයා පොළොන්නරුව සිය කාර්යාලයට ශ්‍රීලනිප සංවිධායකයන් පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් කැඳවා දේශපාලන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඔවුන් මෛත්‍රීගෙන් විමසා ඇත්තේ සහය පළ කරන්නේ කුමන අපේක්ෂකයාටද යනුවෙන්. එහිදී ඔහු පවසා ඇත්තේ තමා සජිත්ට සහය දෙන බවයි. කෙසේ වෙතත් එහිදී එම පිරිස පවසා ඇත්තේ තමන් සජිත්ට සහය දීමට එකඟ නැති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *