Sat. Jun 28th, 2025

දිගම ණය ලැයිස්තුව සජිත්ට: වත්කම් බැරකම් වාර්තාව කියයි!

Aug25,2024 #2024 #election #news

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම්-බැරකම් ප්‍රකාශ පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර තිබෙන අතර සති අන්ත බොහෝ පුවත්පත් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.

මව්රට පුවත්පතේ එන වාර්තාව අනුව රට ගොඩනැගීමට එන අපේක්ෂකයන් අතරෙන් වඩා වැඩියෙන් රටට ණය වී ඇත්තේ සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසයි. විමසා බැලීමේදී ඔහුගේ ණය ලැයිස්තුව ඉතා දිගු එකක් වෙනවා.

ඔහුගේ ආදායම ලෙස දක්වා ඇත්තේ, රුපියල් ලක්ෂ 3කට ආසන්න ඔහුගේ වැටුප පමණයි. ඔහු සතුව සමාගම් දෙකක කොටස් 2257640ක් බව ද දැක්වෙනවා.

ජාල් සැලෝන් පුද්ගලික සමාගමෙන් ඔහු ලක්ෂ 138කට ආසන්න ණය මුදලක් ලබා ගෙන තිබෙනවා. පසුව එය බිරිඳගේ නමට මාරු කර ඇති බව දැක්වෙනවා. 2006 වසරේදී මිලියන 6ක් සහ මිලියන 9කට ආසන්න මුදලක් ඔහු ණය ලෙස ලබාගෙන තිබෙනවා. දෙවැනි ණය මුදලෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් ගෙවා ඇති බව දැක්වෙතත්, බිරිය විසින් සෙලාන් බැංකුවෙන් ලක්ෂ 240කට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බව සඳහන්. මේ වසරේද සජිත් විසින් ලක්ෂ 31ක පමණ ණය මුදලක් ලබා ගෙන ඇති බවයි එකී වාර්තාවේ දැක්වෙන්නේ. දිනය වශයෙන් සඳහන් දිනයක් නොයෙදූ ලක්ෂ 60ක පමණ ණය මුදල් ද එහි දැක්වෙනවා. 2014 ලක්ෂ 28ක්, 2015 දී එවැනිම මුදලක්, 2016 දී ලක්ෂ 21, 2017 දී ලක්ෂ 23ක්, 2018 දී ලක්ෂ 31.5ක්, 2019 දී ලක්ෂ 36, 2020 දී ලක්ෂ 27ක්, 2021 දී ලක්ෂ 15ක්, 2023 දී ලක්ෂ 40ක් , 2024 දී ලක්ෂ 36ක් හා ලක්ෂ 20ක ණය මුදල් එම අගයන්වලම පවතින බවයි වත්කම් බැරකම් ප්‍රකාශ උපුටා දක්වමින් මව්රට පුවත්පත වාර්තා කර සිටින්නේ.

එම තනතුරු අනුව පෙනීයන්නේ, සියලුම අපේක්ෂකයන් අතරින් වැඩිම ණය ප්‍රමාණයක් හිමිව ඇති අපේක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *