තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම තේරුමක් නැති වැඩක් ලෙස විශ්වාස කළ හෙයින් මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.
විශේෂයෙන් සන්ධානයක් ලෙස කැස්බෑව ආසනයට අලුත් කණ්ඩායමක් පැමිණ ඇති හෙයින් තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැපවීමට තීරණය කළ බවයි රත්නප්‍රිය මහතා පවසන්නේ.
ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාමාර්ග සමඟ සිටින අතර සන්ධානයේ අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැපවෙන බව ඔහු අවධාරණය කළා.
පුද්ගලයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත් නොවී දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීමටත් මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් රට පුර යාමටත් තමන්ට දැන් අවස්ථාව ඇති බවයි රත්නප්‍රිය වැඩි දුරටත් කියා සිටින්නේ.