ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඉරාන රජයේ උසස් නිලධාරියකු උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවය.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරය දැඩි මීදුමක් සහිත කඳුකර ප්‍රදීශයක් හරහා පියාසර කරමින් සිටියදී ඉරිදා කඩා වැටුණු බව ඉරාන නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇත.