Sat. Jun 28th, 2025

ඉන්දීය ධීවර ආක්‍රමණය කල්පිටිය දක්වා ඇවිත්!

Sep1,2024 #Fishing #india #news

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ ඉන්දීය ධීවර ආක්‍රමණය කල්පිටිය මුහුද තෙක් පැමිණ තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසනවා.

මේ හේතුවෙන් උතුරේ සහ දකුණේ ධීවරයන්ට සිය කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි ඔහු පවසන්නේ. දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500ක පමණ ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස පැමිණෙන බව ද ඔහු සඳහන් කරනවා.

වසර 25ක් පමණ තිස්සේ මෙම තත්වය නවතා දැමීමට මැදිහත් වන්නැයි ඉල්ලීම් කළද විසඳුමක් ලැබී නැති බව පවසන එම සංගමය කියා සිටින්නේ ඉන්දීය ධීවරයන් මෙරට මතස්‍ය සම්පත කොල්ලකන බවයි.

ඉන්දීය ධීවරයන් මෙරට තහනම් නීතිවිරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වන බැවින් මත්ස්‍ය සම්පතට හානිවන බවත් පැටව් බෝවන ස්ථානවලට සහ කොරල්පරවලට දැඩි හානි සිදුවන බවත් සංගමය තවදුරටත් ප්‍රකාශ කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *