Sat. Jun 28th, 2025

කුඩු බොන්න එපා කී බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට – පොලිසියට බොරු කතාවකුත් ගොතලා

Jun12,2024

අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති (31) හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව සිය සැමියා සමඟ තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර ඇති අතර සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබෙනවා.

මේ අතරතුරදී මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසා එම බහින්බස්වීම් තීව්‍ර ඇති අතර ඉකුත් 06 දා සවස මිතුරා සමඟ නිවෙසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින්බස්වීමක් හටගෙන තිබෙනවා.

ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඔහු එම කාන්තාව සමග ගැටුමක් හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව ඔහු නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන එම කාන්තාවගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමඟ නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පළාගොස් දින හතරකට පසුව (10) දා රාත්‍රී යළි නිවසට පැමිණ තිබෙනවා.

එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක, දෙදෙනා බිය වී ඒ පිළිබදව කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්‍ෂිත මහතා හමුවී ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂාකොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා සැකසිති අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින් සිදුකළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *