ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල වැඩි කර දෙන්නැයි ප්රධාන අපේක්ෂකයන් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා. එම මුදල රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.
මැතිවරණ වියදම් නියාමන පණතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලැබී ඇති මුදල නාමයෝජනා භාර ගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත් කළ යුතු වෙනවා.
එසේ ම මැතිවරණයට පසුව ඒ ඒ අපේක්ෂකයන් වියදම් කළ මුදල පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතු වෙනවා.