අද (20) දිනයේදී දිවයිනේ ස්ථාන ගණනාවක කාලගුණ තත්වය අයහපත් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
අමතරව දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවට අනුමාන කරනවා.